නෙදන්යාහු දිවුරුම් දෙයි



නව රජයක් පිහිටුවීමට සමත් වූ බෙන්ජමින් නෙදන්යාහු ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ලෙස තෙවැනි වරටත් දිවුරුම් දුන්නේය.

73 හැවිරිදි නෙදන්යාහු රජයක් පිහිටුවීමට සමත් වූයේ එරට අන්ත දක්ෂිණාංශික සහ ආගමික දේශපාලන කණ්ඩායම් හවුල් කර ගනිමිනි.

දිවුරුම් දීමට පෙර නෙදන්යාහුට සහාය පළ කිරීමේ ඡන්ද විමසුමක් ඊශ්‍රායල පාර්ලිමේන්තුව හේවත් ‘නෙසට්’ සභාවේ පැවැත්විණි.

එහිදී 64 දෙනකුගේ සසහාය නව රජයට හිමිවුණු අතර විරෝධය පළ කළ ගණන 54 කි. ‘නෙසට්’ සභාව ආසන 120 කින් සමන්විතය.

ඊශ්‍රායලයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ තැනැත්තා වන්නේ ද නෙදන්යාහුය. 1996 සිට 1999 දක්වාත්, 2009 සිට 2021 දක්වාත් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ ඔහුය. නෙදන්යාහුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති නමුත් ඔහු එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය කාලයේ අවුරුදු හතරකදී ඊශ්‍රායලයේ මහ මැතිවරණ පහක් පැවැත්විණි. ඒ දෙනද්යාහුට හෝ වෙනත් දේශපාලන පක්ෂයකට හෝ බහුතර බලය දිනා ගැනීමට නොහැකි වුණු බැවිනි. පිහිටවූ සන්ධාන රජයයන් මාස කීපයක් යද්දී බිඳ වැටුණි.

කෙසේ නමුත් නෙදන්යාහු යළි බලයට පැමිණ සිටින්නේ ශක්තිමත් මෙන්ම ස්ථාර රජයක් පිහිටුවීමට හැකිවුණු බව පවසමිනි. නෙදන්යාහුගේ ආගමනය ඊශ්‍රායල වාමාංශික දේශපාලන කණ්ඩායම්වලටත්, පලස්තීන හිතවාදීන්ටත් තර්ජනයක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

නෙදන්යාහු සහ ඔහුගේ නව රජයට සුබ පතමින් ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් පවසා ඇත්තේ නව රජය සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් බවය.

මැදපෙරදිග කලාපයේ ඇමෙරිකාවේ ප්‍රධාන මිතුරකු වන්නේ ද ඊශ්‍රායලයයි.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය අවසන් කළ හැක්කේ ‘ද්වී රාජ්‍ය’ විසඳුමකින් පමණක් යැයි ද ඇමෙරිකන් ජනාපධිතිවරයා අවධාරණය කර තිබේ.

මේ අතර රුසියන් ජනාපධිති ව්ලැදිමීර් පුටින් ද යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු බෙන්ජමින් නෙදන්යාහුට සුබ පැතුම් එක්කර තිබේ.

රුසියාව සහ ඊශ්‍රායලය අතර සබඳතා තවත් ශක්තිමත් කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බව රුසියන් ජනාධිපති පුටින්, අග්‍රාමාත්‍ය නෙදන්යාහුට පැහැදිලි කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS