නිරෝධායනය අනිවාර්යයි



පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් ශ්‍රි ලංකාව ඇතුළු ආසියා රටවල් හයක සිට පැමිණෙන ගුවන් මගීන්ට හෝටල් නිරෝධායනය අනිවාර්ය කරමින්  කටාර්  රාජ්‍යය සිය සංචාරක උපදේශනය  යාවත් කාලීන කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ පිලීපීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් ට හෝටල් නිරෝධායනය අනිවාර්ය කරමින් පසුගිය දෙවැනි දා සිට බලපැවැත්වෙන පරිදි එම සංචාරක උපදේශනය නිකුත් කරනු ලැබ ඇත.

ලංකාව ඇතුළු එම රටවල සිට එරටට පැමිණෙන කොවිඩ් එන්නත සම්පූර්ණ කර ඇති පිරිස් හා කොවිඩ් -19 වෛරසයෙන් සුවය ලැබූ පිරිස්  දින දෙකක හෝටල් නිරෝධායනය සදහාත් , අනෙකුත් මගීන් සියලු දෙනාම දින දහ කාලයක් සදහා හෝටලයක නිරෝධායනය විය යුතු බවට  කටාර් සෞඛ්‍ය අමාත්‍යාංශය අනිවාර්ය කර ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

එම ආසියා රටවල සිට පැමිණෙන ගුවන් මගීන් ගුවන්තොටුපළේදී සිදු කරනු ලබන පී.සී.ආර් පරීක්ෂණයෙන් ආසාදිතයින් නොවන බවට තහවුරු වූ පසුව එම ගුවන් මගීන් දින දෙකකට පමණක්  හෝටල් නිරෝධායනකට යොමු කරනුයේ යැයිද  එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS