නිදහස් වෙළෙ‍ඳ ගිවිසුමක්



ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතරේ" ඇමෙරිකන් ඩොලර් මිලියන 700 ක වටිනාකමකින් යුත් නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තැබුණි.

ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ ඊශ්‍රායල ආර්ථික හා කර්මාන්ත අමාත්‍යාංශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ අමත්‍යාංශය මැදිහත් වෙමිනි.

නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ පසුගිය සැප්තැම්බරයේය. ඒ, එක්සත් අරාබි එමිරේට්ස් මුදල් අමාත්‍ය අබ්දුල්ලා බින් ටූක් අල් මාරිගේ ප්‍රධානත්වයෙනි.

මුස්ලිම් රාජ්‍යයක් වන එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලය අතට යහපත් සබඳතා වර්ධනය වීමට පටන් ගත්තේ 2020 දීය. ඒ, එවකට ඇමෙරිකාවේ පැවැති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ මැදිහත් වීමෙනි.

ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වීමෙන් බහරේනය සහ මොරොක්කෝව ද ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා පවත්වයි. ඇමෙරිකාව මැදිහත් වීමෙන් ඊශ්‍රායලය සමඟ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, මොරොක්කෝව සහ බහරේනය අතරේ සබඳතා වර්ධනය කර ගැනීම සිදුවූයේ ඒබ්‍රහම් ගිවිසුමට අනුකූලවය.

(රොයිටර්)


RECOMMEND POSTS