න්‍යෂ්ටික බලාගාරය යළි වැඩ අරඹයි



ඉරානයේ බුෂේර් න්‍යෂ්ටික බලාගාරයේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කර ඇති බව වාර්තා වේ.

බලාගාරයේ නඩත්තු කටයුතු සඳහා සති දෙකකට පෙර වසා දැමීමෙන් පසු, නැවත මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බව ඉරාන රාජ්‍ය ගුවන් විදුලි සේවය වන IRIB සෙනසුරාදා වාර්තා කළේ ය.

බුෂේර් න්‍යෂ්ටික බලාගාරයේ මෙගාවොට් 1000ක ධාරිතාවය ජාතික විදුලි බල පද්ධතියට එක්කළ බව රජයේ විදුලිබල සමාගමක් වන ටවානිර් හි ප්‍රකාශකයෙකු වන මොස්ටාෆා රාජාබි මාෂාඩි ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS