නව ගුවන්සමාගමේ ප්‍රථම ගුවන්යානය එළිදකියි



සෞදි අරාබියේ නව ගුවන් සේවය වන “රියාද් එයාර්“ ගුවන්සමාගම සිය මංගල ගුවන්යානය එළිදැක්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

දම් පාට සහ ඉන්ඩිගෝ වර්ණවලින් ගුවන්යානය වර්ණවත් කර ඇති අතර, සෞදි අරාබියේ ඇති ලැවැන්දරා ශාකයේ මල්වල වර්ණය යොදා ගෙන ඇත.  

“එයාර්ලයින් ඩිසිග්නේටර් කේතය“ ලෙස 'RX' භාවිතා කරන බව ගුවන් සමාගම අනාවරණය කළේ ය.

“රියාද් එයාර්“ ගුවන් සමාගම සම්බන්ධයෙන් සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසීස්  ප්‍රථම වරට 2023 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - රියාද් නුවර)

RECOMMEND POSTS