දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කරයි



භූමි කම්පාවලින් වැඩි වශයෙන් හානි වුණු පළාත් දෙකක හැර සෙසු පළාත්වල දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කරන බව තුර්කිය පවසයි.

දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වන්නේ, Kahramanmaras සහ Hatay යන පළාත්වල පමණි. භූමි කම්පාවලින් මහා විනාශයක් සිදුවූයේ මෙම පළාත්වලටය.

භූමි කම්පා හටගත්තේ පසුගිය පෙබරවාරි 6 සහ 7 වැනිදාය. අසල්වැසි සිරියාවට ද ඒවායින් හානි සිදුවිය.

අද (19) වනවිට තුර්කියේ සහ සිරියාවේ භූමි කම්පාවෙන් මියගිය ගණන 44,377 ක් වූ බව වාර්තා විය.

(රොයිටර්)


RECOMMEND POSTS