දියණියගේ සිරුර සැඟවු මවට සිරදඩුවම්



කුවේට් කාන්තාවක් මියගිය තම දියණියගේ සිරුර වසර පහක් නිවසේ සඟවා ගෙන සිට ඇති බව වාර්තා වේ.

දියණිය බිම වැටී මියගොස් සිටිනු දුටු බවත්, නීතිමය දඬුවමකට බිය වූ නිසා මළ සිරුර සඟවා තබා ගත් බව අත්අඩංගුවට ගැනීමෙන් පසු මව පාපොච්ඡාරණය කර ඇත.

තම සහෝදරියව නිවසේ කුඩා කාමරයක සිරකර ඇයට හිරිහැර කළ බවත්, ඇයගේ හැසිරීම පාලනය කිරීමට මව උත්සාහ කළ බව ඝාතනයට ලක් වූ දියණියගේ සහෝදරයෙකු තම මවට එරෙහිව සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත.

දියණියගේ සිරුර වැසිකිළියක නරක් වී තිබියදී සොයා ගෙන ඇත.

අදාල සිද්ධියට වරදකාරිය වු කාන්තාවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීමට අධිකරණය නියෝග කර ඇති අතර, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර මරණීය දණ්ඩනය ඉල්ලා සිටින බව නීතීඥයින් පෙන්වා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS