දැරියක ගණිකා වෘත්තියේ යෙදවලා



ඩුබායි නුවර රාත්‍රී සමාජ ශාලාවක බාලවයස්කාර දැරියක්ව ගණිකා වෘත්තයේ යෙදවු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධියට සම්බන්ධ බාලවයස්කාර දැරියව සිය රටේ සිට ඩුබායි වෙත ගෙන්වා ගෙන බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවා ඇති අතර, මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් වරදකරුවන් වූ ආසියාතිකයින් තිදෙනෙකුගෙන් යුත් කල්ලියකට වසර තුනක සිර දඬුවමක් අපරාධ අධිකරණය නියම කර තිබේ.

ඩුබායි පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වී දැරියව ගණිකා වෘත්තියේ යෙදවු තිදෙනෙකුගෙන් යුත් කල්ලිය කොටු කරගැනීමට හැකි වී තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතකිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS