තෙහෙරාන් බන්ධනාගාරයේ කලබලයක්



ඉරානයේ තෙහෙරාන් අගනුවර එවින් බන්ධනාගාරයේ ගින්නක් හටගත් බවත්, වෙඩි තැබීම් ද අසන්න ලැබුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉරාන රජයේ උදහසට ලක් වන දේශපාලනඥයන්, මාධයවේදීන් සහ විදේශිකයන් සිරගත කර ඇත්තේ මෙම බන්ධනාගාරයේය.

මේ වනවිට ඉරාන රජයට එරෙහිව විරෝධතා රැල්ලක් ආරම්භ වී ඇත. ඒ, හිජාබය පැලැඳීම සම්බන්ධයෙන් ඉරාන රජය පනවා ඇති දලදඩු නීතිරීති මුල්කොට ගනිමිනි.

නිසි ලෙස හිජාබය පැලඳ නොසිටියේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මාෂා අමීනී නමැති ඉරාන කුර්දි යුවතිය පොලිසිය කළ පහරදීම්වලින් ජීවිතක්ෂයට පත්වූවාය. ඉරාන රජයට වරෙහිව රටපුරා විරෝධතා රැල්ලක් ආරම්භ වූයේ ඉන්පසුවය.

(රොයිටර්)


RECOMMEND POSTS