තෙල් බැරල් මිලියන 100ක් අපනයනය කරයි



ඉරාකය අප්‍රේල් මාසය තුළ පමණක් බොර තෙල් බැරල් මිලියන 100කට වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇති බව වාර්තා වේ.

බොර තෙල් බැරල් 101,390,622 ක් අප්‍රේල් මාසය තුලදී අපනයනය කළ බවත් , මාර්තු මාසයේදි බොර තෙල් බැරල් 98,100,042 ක් අපනයනය කළ බව කුවේට් ඛනිජ තෙල් අමාත්‍යාංශය පැවසීය.

ඇමරිකානු ඩොලර් බිලියන 10.55කට ආසන්න මුදලක් අප්‍රේල් මාසයේදි  ලබාගැනීමට හැකි වු බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

ඉරාකය දිනකට සාමාන්‍යයෙන් බොර තෙල් බැරල් මිලියන 3.4ක් අපනයනය කරන අතර, සෞදි අරාබියට පසුව, බොර තෙල් අපනයනය කරන දෙවන විශාලතම රට වන්නේ ඉරාකයයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, බැග්ඩෑඩ් නුවර)

RECOMMEND POSTS