තුවක්කුකරුවන් තිදෙනෙකු මරා දමලා



ඊශ්‍රායල හමුදාව බටහිර ඉවුරේ ජෙනින් නගරයේදිපළස්තීන තුවක්කුකරුවන් තිදෙනෙකු මරා දමා ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල හමුදාවට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදි තුවක්කුකරුවන් මියගිය බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ය.

ආයුධ රාජසන්තක කිරීම සඳහා නගරයේ කොටස් දෙකක මෙහෙයුම් ක්‍රියාත්මක කරන භට පිරිස්වලට මෙම ප්‍රහාරය පළස්තීන තුවක්කුකරුවන් එල්ල කර ඇති බව ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ජෙනින් නගරය)

RECOMMEND POSTS