තුර්කි හමුදා සිරියානු දේශසීමාවේ මෙහෙයුම් අරඹයි



තුර්කි සිරියානු දේශසීමාවේ තුර්කි හමුදා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පැවැසෙයි. තුර්කි හමුදා සිරියානු දේශසීමාවේ සටන් වදින්නේ කුර්දි සිරියානු සටන්කාමීන් සමඟය. මෙම සටන්කාමීන් තුර්කියට තර්ජනයකි.

ඊයේ (16) සිදු කළ ප්‍රහාරවලින් කුර්දි සිරියානු සටන්කාමීන් 17 දෙනකු මියගිය බව තුර්කි හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊට අමතරව, සිරියානු රජයේ හමුදා සොල්දාදුවෝ තිදෙනෙක් ද තුර්කි හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබූහ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS