තුර්කි ජනපති නේටෝ මහ ලේකම් අමතයි



ස්වීඩනයට සහ ෆින්ලන්තයට නේටෝ සාමාජිකත්වය ලබා දෙනවාට තුර්කිය විරෝධය පළ කරන බව, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග්ට පැහැදිලි කර තිබේ.

ස්වීඩනය සහ ෆින්ලන්තය, නේටෝ සාමාජිකත්වය ඉල්ලුම් කර ඇති අතර ඇමෙරිකාව, ජර්මනිය ඇතුළු නේටෝ සාමාජික බටහිර රටවල් ඊට සහාය පළ කරන බව පවසා තිබේ.

තුර්කිය ද නේටෝ සාමාජිකයකු වන නමුත්, තුර්කිය ස්වීඩනයට සහ ෆින්ලන්තයට නේටෝ සාමාජිකත්වය ලබා දීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත්තේ එයින් යුරෝපා කලාපය සම්පූර්ණයෙනව් අස්ථාවර වනු ඇති බව පෙන්වා දෙමිනි.

ස්වීඩනයට සහ ෆින්ලන්තයට නේටෝ සාමාජිකත්වය ලබා දීම රුසියාවේ උදහසට හේතුවක් වනු ඇති බව තුර්කි ජනාධිපතිවරයා නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග්ට දිගින් දිගටම පැහැදිලි කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය පවසයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS