තුර්කි ගල් අඟුරු ආකරයක පිපිරීමකින් 28 ක් මියයති



උතුරුදිග තුර්කියේ බාර්ටින් නමැති ප්‍රාන්තයේ ගල් අඟුරු ආකරයක සිදුවුණු පිපිරීමකින් 28 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පිපිරීම සිදුවෙද්දී පතල් සේවකයෝ 110 දෙනෙක් පතලේ සේවය කරමින් සිටියහ.

තුර්කි බලධාරීන් පවසා ඇත්තේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය. පිපිරීමත් සමඟ පතලේ කොටස් කීපයක් පස්වලින් යටවුණු බවත්, පතල් සේවකයන් පස් තට්ටු යට සිර වීසිටින බවත් බලධාරීහු වැඩි දුරටත් පැහැදිලි කරති.

සිරවුණු සේවකයන් මුදා ගැනීමට සහන සේවකයන් සහ ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරන්න වූ බව තුර්කි මාධ්‍ය වාර්තා කළේය.

පිපිරීම සිදුවෙද්දී පතල් සේවකයන් වැඩි පිරිසක් සිට ඇත්තේ පතලේ මීටර් 300 ක් පමණ පොළොව යටය. පස් තට්ටු අතරේ සිරවී තුවාල ලබා සිටි සේකයන් 11 දෙනකු බේරා ගැනීමට හැකිවුණු බව ද වාර්තා විය.

(රොයිටර්)


RECOMMEND POSTS