තුර්කි-ඊශ්‍රායලය සබඳතා අලුත් වෙයි



වසර ගණනාවකට පසු තුර්කිය සහ ඊශ්‍රායලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ විය. ඒ, තුර්කියේ නව ඊශ්‍රායල තානාපතිවරිය ලෙස ඉරිට් ලිලියන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට අක්ත්‍රපත්‍ර භාර දීමට කටයුතු කිරීමත් සමඟය.

තුර්කි ඊශ්‍රායල සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට මැදිහත් වී කටයුතු කළේ ඊශ්‍රායල ජනාපධිති අයිසෙක් හෙසෝග්ය. ජනාධිපති හෙසෝග් මෙම වසර මුලදී තුර්කියේ අන්කාරා අගනුවර සංචාරය කරමින් තුර්කි ජනාධිපති එර්දොවාන් හමුවී සාකච්ඡා පැවැත්වීය. දෙරට අතර යළි හොඳහිත වර්ධනය වූයේ ඒ අනුවය.

මේ වනවිට ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට කටයුතු කර ඇත්තේයළි අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු බෙන්ජමින් නෙදන්යාහුය. ඔහු ද පවසා ඇත්තේ තුරිකිය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවය.

තුර්කියේ නව ඊශ්‍රායල තානාපතිවරිය ලෙස වැඩ බාර ගැනීමට පෙර ඉරිට් ලිලියන්, ඊශ්‍රායලයේ තුර්කි සබඳතා අමාත්‍යවරිය ලෙස ද කටයුතු කළාය.

2010 වසරේ ගාසා තීරයේ පලස්තීනුවන්ට ආධාර රැගෙන ආ තුර්කි නැවකට ඊශ්‍රායල හමුදා පහර දුන්නේය. එම ප්‍රහාරයෙන් තුර්කි වැසියෝ 10 දෙනෙක් ජීවිතක්ඹයට පත්විය. එම සිදුවීම මුල්කොට ගනිමින් තුර්කිය ඊශ්‍රායලට සමඟ අමනාප විය. ඊශ්‍රායල තානාපති නෙරපා, ඊශ්‍රායලය සමඟ සියලු සබඳතා අත්හිටුවීමට තීරණය කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS