තුන්වන ඒකකයට අනුමැතිය



එමිරේටයේ බරකාහ් න්‍යෂ්ටික බලාගාරයේ තුන්වන ඒකකයට බලපත්‍ර ලබා ගෙන ඇති බව වාර්තා වේ.

න්‍යෂ්ටික බලාගාරයේ තුන්වන ඒකකයට බලපත්‍ර ලබා ගත් බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ එමිරේට්ස් නිත්‍ය නියෝජිත, හමාඩ් අල්-කාබි පැවසීය.

අබුඩාබි නුවර දෆ්රා නගරයේපිහිටා ඇති මෙම න්‍යෂ්ටික බලාගාරයේ ඉදිකිරීම් පසුගිය වසරේ නිම කළ අතර, 2023 වසරේ සිට විදුලි බලය නිෂ්පාදනය කිරීමට නියමිත ය.

අරාබි ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික බලාගාරය මෙය වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
( GDNonline - අබුඩාබි නුවර)

RECOMMEND POSTS