තිරිඟු සංචිත තිබේ: ඕමානය කියයි



ඕමානයේ ප්‍රමාණවත් තිරිඟු සංචිත ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

දැනට තිරිඟු ටොන් 400,000 ක් පමණ ගබඩා කර ඇති බවත්,  එම ප්‍රමාණය මාස හයක කාලයකට ප්‍රමාණවත් බව ප්‍රධාන මෙහෙයුම් (තිරිඟු) නිලධාරියා ප්‍රකාශ කළේය.

යුක්රේනයෙන් තිරිඟු ටොන් 30,000 ක් පමණ මිලදී ගත් බවත්, අතිරික්තය යේමනයට සහ නැගෙනහිර අප්‍රිකාවට අපනයනය කරන බව නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)


RECOMMEND POSTS