තහනම් ආගමික සංකේත විකුණලා



කුවේටයේ තහනම් ආගමික සංකේත සහිත භාණ්ඩ විකිණීම හේතුවෙන් රන් භාණ්ඩ වෙළඳ සැලක් වසා දමා ඇති බව වාර්තා වේ.

තහනම් ආගමික සංකේත සහිත භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම සහ විකිණීම ඇතුළු නීති කඩකිරීම් රැසක් හේතුවෙන් අදාල රන් භාණ්ඩ වෙළඳ වසා දැමීමට කටයුතු කර ඇත.

වෙළඳසැලේ මිලදී ගැනීම් සහ විකුණුම් පිළිබඳ දෛනික වාර්තා තබා ගැනීමට ද අසමත් වී ඇත.

නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව වෙළඳ හා වාණිජ අමාත්‍යාංශය පැවසුවේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS