ඩුබායි පාලක හිටපු බිරිඳ ගැන ඔත්තු බලලා



ඩුබායි පාලක ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම්, ඔහුගේ හිටපු බිරිඳ හයාන් බින්ට් අල් හුසේන් කුමරියගේත් ඇගේ නීතීඥවරුන්ගේත් දුරකතනවලට අනවසරයෙන් ඇතුළු වී ඔත්තු බලන්නැයි අණ කර ඇතැයි ඔහුගේ දික්කසාදය සම්බන්ධයෙන් එංගලන්ත මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේදී අනාවරණය විය.

ඩුබායි පාලක ෂෙයික් මොහොමද් බින් රෂීද් අල් මක්ටෝම් මෙම ඔත්තු බැලීම් සඳහා භාවිත කර ඇත්තේ ඊශ්‍රයලයෙන් මිලදී ගත් 'පෙගසස්' මෘදුකාංගය බවට ද අනාවරණය වී තිබේ. හයාන් බින්ට් අල් හුසේන් කුමරිය යනු ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුගේ අඩ සොහොයුරියකි.

(අල් ජසීරා)


RECOMMEND POSTS