ඩුබායි නුවරට මිලියන 4.88ක් අවිත්



ඩුබායි නුවරට මිලියන 4.88ක සංචාරකයින් පිරිසක්  2021 ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ පැමිණ ඇති බව වාර්තා වේ.

ඔක්‌තෝබර් මාසයේදී පමණක්, පැමිණි විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්‌මවා ගොස්‌ ඇති බව ඩුබායි ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තුව පැවසීය.

2019 වර්ෂයේ  ජනවාරි-ඔක්තෝබර් අතර කාලය තුළ රාත්‍රී කාමර මිලියන 7 අලෙවි කර ඇති අතර, 2021ජනවාරි-ඔක්තෝබර් කාලය තුළ අලෙවි කර ඇති කාමර සංඛ්‍යාව මිලියන 9.4ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS