ඩුබායි ගොඩනැගිල්ලක ගින්නක්



ඩුබායි නුවර මහල් 35කින් යුත් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ගොඩනැගිල්ලේ ඉහළ මහලයක ගින්න හටගෙන ඇති අතර, ගින්න නිවාදැමීමට ගිනිනිවන භටයින් සමත් වී ඇත.

ගින්න නිවාදැමීම සඳහා ඩුබායි සිවිල් ආරක්ෂක අධිකාරිය සහපොලිසිය එක් ව කටයුතු කර ඇති අතර, ජීවිත හානි කිසිවක් වාර්තා නොමැත.

ගොඩනැගිල්ල ගිනිගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ ජාල වෙබ් අඩවිවල පළ කිරීමට පිරිස් කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

 


RECOMMEND POSTS