ඩීසල් ලීටර් මිලියන 2ක වංචාවක් අල්ලයි



 

කුවේට් පාරිසරික මහජන අධිකාරිය ඩීසල් ලීටර් මිලියන දෙකක පමණ වංචාවක් අල්ලා ගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.

ඩීසල් ලීටර් මිලියන දෙකක පමණ ප්‍රමාණයක් අඩංගු කන්ටේනර් 80 ක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට උත්සාහ කර තිබේ.

අදාල වංචාවට සම්බන්ධ සමාගම් 8 කට සහ සියළුම කර්මාන්තශාලාවලට විරුද්ධව පාරිසරික ආරක්ෂණ නීතියේ 23 වගන්තියට අනුව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS