ඩ්‍රෝනා යානයක් විනාශ කර දමලා



හිස්බුල්ලා සටන්කාමීන් ප්‍රහාර එල්ල කිරීම සඳහා එවන ලද ඩ්‍රෝනා යානයක් ඊශ්‍රායල් හමුදාව විනාශ කර ඇති බව වාර්තා වේ.

ලෙබනනයේ සිට පැමිණ කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කර විනාශ කළ බවත්, එය ඉරානයේ සහය ලබන හිස්බුල්ලා කණ්ඩායම විසින් එවා ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ය.

ඊශ්‍රායලයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමට දරන ඕනෑම අවස්ථාවකදි ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන් දිගටම ක්‍රියාත්මක වන බව ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ජෙරුසලම)

RECOMMEND POSTS