ඩ්‍රෝන 400 ක් යොදාගෙන යුක්රේනයට පහරදීලා



රුසියන් හමුදා, රුසියාවේ නිෂ්පාදිත නියමුවන් රහිත ඩ්‍රෝන යානා 400 ක් යොදා ගනිමින්, යුක්රේනයේ කීව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කර ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා නගයි.

යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දෙන අන්දමට රුසියන් හමුදා, යුක්රේන නගරවලට පහර දෙන්නේ ඉරානයේ නිෂ්පාදිත ‘ෂාහිද් 136 කමිකාසේ’ නමැති ඩ්‍රෝන යානාවලිනි.

පසුගිය 17 වැනිදා රුසියන් හමුදා, ඉරාන ඩ්‍රෝන යානා 43 ක් යොදා ගනිමින් යුක්රේනයේ ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් පහර දී ඇතැයි පැවැසෙයි. එදින කීව් අගනුවරට ඩ්‍රෝන යානා 28 ක් යොදා ගනිමින් පහර දුන්නේ යැයි ද පැවැසෙයි.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එල්ල කරන චෝදනා රුසියාව මෙන්ම ඉරානය ද තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. රුසියාව පවසා ඇත්තේ තමන් කිසිම අවස්ථාවක ඉරානයෙන් ඩ්‍රෝන යානා මිලදී ගෙන නොමැති බවය. ඉරානය ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ තමන් කිසිම අවස්ථාවක රුසියාවට ඩ්‍රෝන යානා විකුණා නැති බවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS