ටෙල් අවීව් නුවර වෙඩි තැබීමක්



ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී 10 දෙනෙක් තුවාල ලැබූහ.

මියගොස් ඇත්තේ අවුරුදු 28 සහ 27 වයසේ පසුවන තරුණයන් දෙදෙනෙකි. තුවාල ලැබූන්ගෙන් එක් අයකු කාන්තාවක බව ද පැවැසෙයි. තුවාල ලැබූවන්ගේ තත්ත්වය ද බරපතල බව ඊශ්‍රායල පුවත් සේවා වාර්තා කර තිබේ.

වෙඩි තැබීම කළ තැනැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට පොලිසිය වහා පියවර ගත්තේය. වෙඩි තැබීම සිදුවී ඇත්තේ ජෆා පළාතේ මුස්ලිම් පල්ලියක් ඉදිරියේය.

(අල් ජසීරා)


RECOMMEND POSTS