ජෝ බයිඩන් ඊශ්‍රායල ජනාධිපතිවරයා හමුවෙයි



ඊශ්‍රායල ජනාධිපති රියුවෙන් රිව්ලින් සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් ධවල මන්දිරයේදී පැවැත්විණි.

තමන් කිසිම අවස්ථාවක ඉරානයට න්‍යෂ්ටික අවි නිපදවීමට ඉඩක් ලබා දෙන්නේ නැතැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා එම අවස්ථාවේදී ඊශ්‍රායල ජනාධිපතිවරයාට ප්‍රතිඥා දුන්නේය.

ඊශ්‍රායලයේ නව අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් හමුවී, නව රජයේ කටයුතු මෙන්ම කලාපයේ පවතින අර්බුද සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට පැහැදිලි කළේය.

තමන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හමුවී කළ සාකච්ඡා සාර්ථක වූ බවත් ඇමෙරිකාව සැමදා ඊශ්‍රායලයේ සමීපත මිතුරා බවත්, බයිඩන් හමුවී කළ සාකච්ඡාවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඊශ්‍රායල ජනාධිපතිවරයා පැහැදිලි කළේය. ඇමෙරිකන් ජනාධිපතිවරයා න්‍යෂ්ටික කටයුතුවලදී ඉරානයට කිසිදු බුරුලක් නොදීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද තමන් සතුටට පත් වන බව ද ඊශ්‍රායල ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කළේය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS