ජෙබෙල් අලි වරායේ ගින්නක්



ඩුබායි නුවර ජෙබෙල් අලි වරායේ ගින්නක් හට ගත් බව වාර්තා වේ.

වරායේ නවතා තිබු බහාලුම් නෞකාවක ගින්නක් හටගෙන ඇති බවත්, ගින්න පාලනය කර ඇති බවත්, කිසිදු මරණයක් හෝ තුවාලකරුවන් වාර්තා වී නොමැති බව ඩුබායි මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ ය.

ජෙබෙල් අලි වරායේ හිමිකාරීත්වය දරන ඩීපී වර්ල්ඩ් සමාගම ගිනිගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කර නොමැත.
මැදපෙරදිග බහාලුම් හුවමාරු වන විශාලතම කේන්ද්‍රස්ථානය ලෙස ඩුබායිහි ජෙබෙල් අලි වරාය සැලකේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS