ජෙඩ්ඩා සැනකෙලියට මිලියන පහක්



සෞදි අරාබියේ ජෙඩ්ඩා නුවරට මිලියන පහකට අධික පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ.

ජෙඩ්ඩා උත්සව සැනකෙළි නැරඹීම සඳහා රටවල් 129කින් මෙම පිරිස පැමිණ ඇති බවත්, සැනකෙලිය ආරම්භ කර දින 55 ක් තුළ පැමිණ ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්ත‌ා කළේ ය. 

විශේෂාංග 2,800කට අධික සංඛ්‍යාවක් සැනකෙලිය තුළ සංවිධානය කර ඇති අතර, භාෂා 26කින් පුවත්පත් ලිපි 11,000කට අධික සංඛ්‍යාවක් මේවනවිට පළ කර ඇත.
ජෙඩ්ඩා සැනකෙලිය දින කීපයකින් අවසන් වීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online ජෙඩ්ඩා නුවර)


RECOMMEND POSTS