ජය සමරමින් සෞදියට විශේෂ නිවාඩුවක්



සෞදියට අද (23) විශේෂ නිවාඩු දිනයක් විය. අද විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට සෞදි රජුගේ අවසරය හිමිවූයේ කටාර් හි පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ 22 වැනිදා පැවැති තරගයෙන් සෞදි කණ්ඩායම විශිෂ්ට ජයක් හිමි කරගත් බැවිනි.

සෞදි අරාබිය සහ ආර්ජන්ටිනාව අතර තරඟයේදී ගෝල දෙකට එකක් ලෙස ආර්ජන්ටිනා කණ්ඩායම පරාජය කිරීමට සෞදි කණ්ඩායම සමත් විය. එය ලෝක කුසලාන ඉතිහාසයේ සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ‘මෙසී’ ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම මුහුණදුන්  දැවැන්තම පරාජයන්ගෙන් එකක් යැයි පාපන්දු විචාරකයන් පෙන්වා දී ඇත.

ජයග්‍රහණයෙන් උද්ධාමයට පත් සෞදි ප්‍රේක්ෂකයන් ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ගේ තරඟ ජයග්‍රහණය කළ විට යෙදෙන සැමරුම් නර්තනයේ යෙදෙමින් සෞදි අරාබි කණ්ඩායම ලැබූ ජයග්‍රහණය භුක්ති විඳින වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ විය. එම වීඩියෝව ට්විටර් සමාජ මාධ්‍ය ජලය තුළ තත්පර 23 ක් තුල නැරඹුම් වාර මිලියන 1.7 ක් පසුකර තිබුණැයි ද විදෙස් මාධ්‍ය පැවැසීය.

සෞදි කණ්ඩායම ලැබූ එම විශිෂ්ට ජයග්‍රහණය සමරමින් අද (23) දිනය නිවාඩු දිනයක් ලෙස නම් කළ වැඩි දුරටත් කියා සිටියේ, රාජ්‍ය අංශයට පමණක් නොව, පෞද්ගලික අංශයට ද එම නිවාඩුව හිමිවනු ඇති බවය. සියලු පාසල් සහ අධ්‍යාපන ආයතනවලට ද නිවාඩු හිමිවිය.

ඊට අමතරව, ජයග්‍රහණයේ සතුට සැමරීම සඳහා විනෝද උද්‍යාන වලට සහ විනෝදාස්වාදය සපයන මධ්‍යස්ථාන වලට ඇතුලත් වීමේ ගාස්තු  අය නොකරන බව සෞදි සෞදි බලධාරීහු පැවැසූහ.

(අල් ජසීරා)


RECOMMEND POSTS