ජනතාවට ඕමාන් රියාල් මිලියන 10ක්



ඕමානයට බැලපෑ ෂහීන් සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර කිරීම සඳහා ඕමාන් රියාල් මිලියන 10 ක් වෙන් කර ඇති බව වාර්තා වේ.

ඕමාන් ඛනිජ තෙල් සංවර්ධන සමාගම ඕමාන් රියාල් මිලියන 10ක් පරිත්‍යාග කරන බවට නිවේදනය කර ඇත.

ෂහීන් සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට ආධාර කිරීම සහ ජනජීවිතය අඛණ්ඩව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සඳහා මිලියන 10 ක මුදලක් වෙන් කර ඇති බව ඕමාන් ඛනිජ තෙල් සංවර්ධන සමාගම පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS