ඡායාරූප ගත්තොත් වැඩ වරදියි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අනුමැතියකින් තොරව ඡායාරූප ගැනීම තහනම් කරන බව වාර්තා වේ.

2022 ජනවාරි 2 සිට ක්‍රියාත්මක වන පරිදි යමෙකුගේ අනුමැතියකින් තොරව ඡායාරූප ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.

වැරදිකරුවන් වන ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට මාස හයක සිර දඬුවමක් හෝ ඩිරාම් 150,000 සිට 500,000 දක්වා දඩයකට හෝ ඒ දෙකටම යටත් වනු ඇත.

වැරදි සිදු කිරීමට භාවිත කරනු ලබන සියලු දේ රාජසන්තක කිරීමට ද අධිකරණයට බලය ඇත.

එමෙන්ම, රජයේ වෙබ් අඩවිවලට හිතාමතාම හානි කරන, අත්හිටුවන හෝ නතර කරන ඕනෑම පුද්ගලයෙකුට සිර දඬුවම් සහ ඩිරාම් 500,000 සිට මිලියන 3ක දඩයක් නියම කිරීමට අධිකරණයට බලය ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS