චීන එන්නත්වලට සෞදියෙන් අවසර



සෞදි අරාබිය කොවිඩි-19 එන්නත් දෙකකට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සිනොවැක් සහ සයිනෝෆාම් යන එන්නත් දෙක සෞදි අරාබියේ භාවිතා කිරීමට අනුමැතිය ලබා දී ඇත.
සිනොවැක් සහ සයිනෝෆාම් යන එන්නත් දෙකෙන් එකක මාත්‍රා ‌දෙකම ලබා ගෙන ඇති පුද්ගලයන්ට සෞදි අරාබියට පැමිණිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර්-බයෝඑන්ටෙක්, ජොන්සන් සහ ජොන්සන් සහ මොඩර්නා යන එන්නත් භාවිතා කිරීම සඳහා සෞදි අරාබිය දැනටමත් අනුමත ලබා දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS