ගුවන්යානායක් යවා පවුලක් ගෙන්වා ගෙන



ඉන්දියාවේදි කොරෝනා වෛරසය ආසාදනය වු සෞදි පවුලක් ආපසු ගෙන්වා ගැනීමට සෞදි රජු, සල්මාන් බින් අබ්දුලාසීස් අල්-සවුඩ් නියෝග කර ඇති බව වාර්තා වේ.

සෞදි පවුල ඉන්දියාවේ සිට සෞදි අරාබියට රැගෙන ඒම සඳහා සෞදි ආරක්ෂක අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයට අයත් වෛද්‍ය කාර්ය මණ්ඩලයකින් සමන්විත ගුවන්යානයක් ඉන්දියාවට පිටත් කර යැවීමට කටයුතු කර ඇත.

පැය 15 ගුවන් ගමනකින් පසු, අදාල ගුවන්යානය රියාද් නුවර පිහිටා ඇති සල්මන් රජු ගුවන් හමුදා කඳවුරට පැමිණ ඇති අතර, සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සෞදි පවුල රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය, රියාද් නුවර)

RECOMMEND POSTS