ගුවන්තොටුපොළෙන් ගංජා පන්නන්න හදලා



ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා ගංජා කිලෝග්‍රෑම් 36.76 ක් නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට උත්සහ කර ඇති බව වාර්තා වේ.

අප්‍රිකානු ජාතිකයෙකුට අයත් ගමන් මලු දෙකක මෙම ගංජා තොගය සඟවා තිබු බව සඳහන් වේ.

පළමු ගමන් මල්ලේ ගංජා කිලෝග්‍රෑම් 16.86 ක් සහ දෙවන මල්ලේ කිලෝග්‍රෑම් 19.9 ක් තිබූ අතර, මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 36.76 ක් වේ.

වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා සැකකරුව අදාළ අංශ වෙත භාර දීමට ගුවන්තොටුපොළ රේගුව කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - ඩුබායි නුවර)

RECOMMEND POSTS