ගුවන් හමුදා කඳවුරට පහර දෙන්න ඇවිත්



සෞදි අරාබියේ කමිස් මුෂායිට් නගරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා හවුති ගරිල්ලන්ට අයත් ඩ්‍රෝනා යානා පැමිණ ඇති බව වාර්තා වේ.

සෞදි අරාබියේ කලීඩ් රජු ගුවන් හමුදා කඳවුරට පහරදීම සඳහා ඩ්‍රෝනා යානා දියත් කළ බවත්, ඉලක්ක සාර්ථක වු බව හවුති මාධ්‍ය ප්‍රකාශක, යහ්යා සාරී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

හවුති ගරිල්ලන් ව්‍යාජ විඩියෝවක් විකාශනය කර ඇති බවත්, ප්‍රහාර එල්ල කිරීමට පෙර විනාශ කර දැමීමට කටයුතු කළ බව සෞදි සන්ධාන හමුදාව ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS