ගුවන් යානයක දරු උපතක්



කුවේටයේ සිට නිව් යෝර්ක් නුවර දක්වා පියාසර කළ ගුවන් යානයක දරු උපතක් සිදු වී ඇති බව වාර්තා වේ.

කපිතාන් අබ්දුල් වහාබ් අල්-ඝානිම් සහ කපිතාන් සුහයිර් බයිඩවුන්ගේ නායකත්වයන් යටතේ, ගුවන් යානය තුළ දරු ප්‍රසූතිය සාර්ථකව සිදුකිරීමට කාර්ය මණ්ඩලය සහයෝගය ලබා දී ඇත.

දරු ප්‍රසූතිය සාර්ථකව සිදුකිරීමට හැකි වුයේ ගුවන් සමාගම තම සේවකයින්ට වරින් වර ලබාදෙන ඒකාබද්ධ පුහුණුව නිසා බවත්, එමඟින් ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා ඔවුන් සූදානමින් සිටින බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අල්-කුවේටියා ප්‍රවෘත්ති වෙබි අඩවියේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)


RECOMMEND POSTS