ගෑස් පිපිරුමෙන් 2ක් මරුට: 120 කට තුවාල



අබුඩාබි නුවර  කලීඩියා ප්‍රදේශයේ අවන්හලක ගෑස් සිලින්ඩරයක් පුපුරා යෑමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

පිපිරුමෙන් පුද්ගලයින් 120ක් තුවාල ලබා ඇති බව අබුඩාබි පොලීසිය ප්‍රකාශ කළේ ය.

අදාලපිපිරීමට ගොදුරු වු පුද්ගලයින් 56 දෙනෙකුට මධ්‍යස්ථ තුවාල සිදු වී ඇති බවත්,64දෙනෙකුට සුළු තුවාල සිදු වී ඇති බව අබුඩාබි සිවිල් ආරක්ෂකබලකාය පැවසීය.

වෙළඳසැල් සහ ගොඩනැගිලි හයකට පිපිරීමෙන් හානි සිදුව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS