ගෑස් නිධිය සංවර්ධනයට ගිවිසුමක්



කුවේටය සහ සෞදි අරාබිය දුර්රා ගෑස් නිධිය සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

සෞදි අරම්කෝ ගල්ෆ් මෙහෙයුම් සමගම සමඟ කුවේට් ඛණිජ තෙල් සමාගම ගෑස් නිධිය සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇත.

දෙරට නියෝජනය කරමින් සෞදි බලශක්ති අමාත්‍ය, අබ්දුල්අසීස් බින් සල්මාන් කුමරු සහ කුවේට් තෙල් අමාත්‍ය,  බද්ර් හමීඩ් අල් මුල්ලා ගිවිසුමට අත්සන් තබා ඇත.

දිනකට ගෑස් ඝන අඩි බිලියන 1ක් සහ ද්‍රව වායු බැරල් 84,000ක් නිෂ්පාදනය කිරීම මෙම සංවර්ධනයේ අරමුණයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS