ගෑස් නිධිය සංවර්ධනය කරයි



කුවේටය සහ සෞදි අරාබිය එක්ව දුර්රා ගෑස් නිධිය සංවර්ධනය කිරීමට කටයුතු කරන බව වාර්තා වේ.

අදාල ගෑස් නිධිය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සෞදි බලශක්ති අමාත්‍යවරයා සහ කුවේට් බලශක්ති අමාත්‍යවරයා අතර ගිවිසුමක්ද අත්සන් කර ඇති බව කුවේට් පෙට්රෝලියම් සමාගම නිවේදනය කළේ ය.

අදාල ගැස් නිධියෙන් දිනකට ගෑස් ඝන අඩි බිලියනයක් සහ ගෑස් බැරල් 84,000ක් නිපදවීමට අපේක්ෂා කෙරේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS