ගංවතුරට කොටු වු දෙදෙනෙක් බේරා ගෙන



ඕමානයේ උතුරු අල් බටිනා නගරයේ මෝටර් රථයක සිර වී සිටි පුද්ගලයන් දෙදෙනෙකු බේරා ගෙන ඇති බව වාර්තා වේ.

පුද්ගලයන් දෙදෙනා ගමන් කළ මෝටර් රථය විලායත් නුවර ෂිනාස් ප්‍රදේශයේ ජල කඳට හසු වී ගසා ගෙන ගොස් සිටියදි හමු වු බව ඕමාන් සිවිල් ආරක්ෂක සහ ගිලන්රථ අධිකාරිය පැවසීය.

ඔවුන් දෙදෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන සිවිල් ආරක්ෂක සහ ගිලන්රථ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - මස්කට් නුවර)


RECOMMEND POSTS