කොවිඩි-19 මාත්‍රා මිලියනයක් ටියුනීසියාවට



සෞදි අරාබිය කොවිඩි-19 එන්නත් මිලියනයක් ටියුනීසියාවට යැවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

වේගයෙන් පැතිරී යන කොරෝනා වසංගතය පානය කිරීම සඳහා එන්නත් තොගය සහ වෛද්‍යාධාර ටියුනීසියාවට යවා ඇත.

ටියුනීසියාවේ බිඳ වැටී ඇති සෞඛ්‍ය පද්ධතිය ගොඩගැනීම සඳහා ඊජිප්තුව, ඇල්ජීරියාව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, කුවේට් රාජ්‍යය, තුර්කිය, කටාර් රාජ්‍යය ඇතුළු තවත් රටවල් කීපයක් සෞදි අරාබිය සමඟ එක් වී සිටියි.

ශ්වසන යන්ත‍්‍ර 190 ක් සහ වෙනත් වෛද්‍ය උපකරණ ද එන්නත් තොගය සමඟ යවා ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, රියාද් නුවර) 


RECOMMEND POSTS