කොරෝනා නීතිරීති ලිහිල් කරයි



කටාර් රාජ්‍යය කොරෝනා නීතිරීති ක්‍රමයෙන් ලිහිල් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, කොරෝනා නීතිරීති අදියරයන් හතරක් යටතේ ලිහිල් කරන අතර, පළමු අදියරය 2021 මැයි 28 දින සිට ජුලි 30 දක්වා ක්‍රියාත්මක කරයි.  

එක් අදියරයකින් තවත් අදියරයකට ගමන් කිරීම තිරණය කරනු ලබන්නේ රට තුල පවතින වසංගත තත්ත්වය අනුව බවත්, එක් අදියරයක අවම කාලසීමාව සති තුනක් බව කටාර් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

පළමු අදියරයේදි, එන්නත් ලබාගත් පුද්ගලයන් පස් දෙනෙක්ට ගෘහස්ථව හමුවීමට සහ කොන්දේසි වලට යටත්ව මුස්ලිම් පල්ලි තුල දිනපතා යාඥා කටයුතු කිරීමටද අවස්ථාව හිමි වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, දෝහා නුවර)


RECOMMEND POSTS