කොකේන් කිලෝග්‍රෑම් 500ක් අල්ලයි



කොකේන් කිලෝග්‍රෑම් 500ක් අල්ලා ගැනීමට ඩුබායි පොලීසිය සමත් වී ඇති බව වාර්තා වේ.

ඩුබායි වරායට පැමිණි භාණ්ඩ ප්‍රවාහන බහාලුමක ඇඹරුම් යන්ත්‍ර තුළ සඟවා තිබියද කොකේන් තොගය සොයා ගෙන ඇත.
කොකේන් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවත්,  මැද පෙරදිග සම්භවයක් ඇති අයෙකු බව ඩුබායි පොලීසියට පැවසීය.

පොලිසීයට ලැබුණු ඔත්තුවට අනුව මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
සමාජ ජාල මාධ්‍ය භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය විකිණීමට කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)


RECOMMEND POSTS