කුවේට් විශ්‍රාමිකයන්ට මූල්‍යාධාර



කුවේට් විශ්‍රාමිකයින් සඳහා කුවේට් ඩිනාර් 3,000ක මූල්‍යාධාර අනුමත කර ඇති බව වාර්තා වේ.

කුවේට් ජාතික සභාව අදාල අනුමැතිය ලබාදී ඇති අතර, අනුමැතිය ලබාදීමෙන් පසු විශ්‍රාමික කුවේට් පුරවැසියන් අතිශයින් ප්‍රීතියට පත් ව ඇත.

මෙම මූල්‍යාධාරය ලබාගැනීම සඳහා කුවේට් විශ්‍රාමිකයන් දිගු කලක් බලා සිටි බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online, කුවේට් නගරය)

RECOMMEND POSTS