කුවේට් මහනගර සභා මැතිවරණය



කුවේටයේ 13වැනි මහ නගර සභා මැතිවරණය සෙනසුරාදා පැවැත්වෙන බව වාර්තා වේ.
මැතිවරණයට කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු අපේක්ෂකයින් 44 දෙනෙකු කොට්ඨාශ 10 ක් සඳහා තරඟ කරයි.

ආසන 16කින් යුත් කුවේට් මහ නගර සභාවට සාමාජිකයින් හය දෙනෙකු පත් කරගැනීම සඳහා මැතිවරණය පවත් වන බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

කුවේට් මහ නගර සභාව විශේෂයෙන් සෞඛ්‍ය, පරිසරය සහ නාගරික සැලසුම් සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS