කුවේට් පාලකයාගේ මාලිගය විකුණයි



හිටපු කුවේට් පාලක, ෂෙයික් අල්-ජාබර්ගේ මාලිගය වෙන්දේසියේ විකුණා ඇති බව වාර්තා වේ.

ඇමරිකානු ඩොලර් මිලියන 198කට මාලිගයවිකුණා ඇති අතර, කුවේට් ව්‍යාපාරිකයෙක් වන ඉබ්‍රාහිම් අල් අස්ෆූර් මාලිගය මිලදී ගෙන ඇත.

බොහෝ දෙනෙක් වෙන්දේසිය ආරම්භ වීමට මොහොතකට පෙර වෙන්දේසියෙන් ඉවත් වී ඇති අතර, ඉබ්‍රාහිම් අල් අස්ෆූර් මාලිගය පහසුවෙන් මිලදී ගෙන තිබේ.

'සාමදූතයා' ලෙස හැඳින්වු කුවේට් හිටපු අමීර්, ෂෙයික් සබා අල්-අහමඩ් අල්-ජාබර් අල්-සබා පසුගිය සැප්තැම්බර් මාසයේදී වයස අවුරුදු 91 දී අභාවප්‍රාප්ත විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS