කුවේට් අමීර් ඉතාලි ගිහින්



කුවේට් අමීර්, ෂෙයික් නවාෆ් අල්-අහ්මඩ් අල්-ජාබර් අල්-සබා ඉතාලියට ගොස් ඇති බව වාර්තා වේ.

පෞද්ගලික සංචාරයක් සඳහා ඉතාලියට ගිය බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

කුවේට් අමීර්, නවාෆ් අල්-අහ්මඩ් අල්-ජාබර් අල්-සබා ඉතාලිය බලා පිටත්ව යන අවස්ථාවේ නියෝජ්‍ය අමීර් සහ ඔටුන්න හිමි කුමරු, ෂෙයික් මිෂාල් අල් අහමඩ් අල්-ජාබර් අල්-සබා සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ගුවන් තොටුපළට පැමිණ සිටි බව සඳහන් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - කුවේට් නගරය)

RECOMMEND POSTS