කුවේටයේ දරුවන්ට තහනමක්



කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් දරුවන්ගේ ක්‍රියාකාරකම් තහනම් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

දරුවන්ට අදාල සියළුම ක්‍රියාකාරකම් ජුලි 25 වන දින සිට නැවත දැණුම් දෙනතුරු තහනම් කිරීමට කුවේට් කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

ආරක්ෂක අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු රෝහල් රටේ සෞඛ්‍ය සේවයේ යෙදවන ලෙස කැබිනට් මණ්ඩලය නියෝග කර ඇත.

දැනට කුවේටයේ ආසාදිතයන් 377,364 ක් සහ මරණ 2,136ක් වාර්තා වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS