කුවේටයෙන් විදේශ ගුවන් ගමන් තහනමක්



කොවිඩි-19 එන්නත ලබානොගෙන සිටින කුවේට් ජාතිකයන්ට විදේශ ගුවන් ගමන් තහනමක් මැයි 23 දින සිට කුවේට් රජය පනවා ඇති බව වාර්තා වේ.

විදේශ ගමන්වල නිරතවීමට කොවිඩ් -19 සඳහා කුවේටය අනුමත කරන ලද එන්නත් වන ෆයිසර් බයෝනික්, ඇස්ට්‍රාසෙනෙකා - ඔක්ස්ෆර්ඩ් එන්නත, මෝඩර්නා සහ ජොන්සන් සහ ජොන්සන් යන ඒන්නත්වලින් ඒකක් එන්නත් කර ගත යුතු වේ.

එන්නත ලබා ගැනීමට සුදුසුකම් නොලබන අය, ගර්භනී කාන්තාවන්, එන්නත ලබා නොදෙන වයස් කාණ්ඩවල පිරිස්, විදේශයන්හි ඉගෙනුම ලබන කුවේට් සිසුන් සහ එන්නත් ලබා ඇති අය මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල සාමාජිකයින් ද තහනමෙන් නිදහස් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.ඒන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS