කුවේටයෙන් ආසාදිතයන් 595ක්



කුවේටයෙන් කොරෝනා ආසාදිතයන් 595 දෙනෙක් පසුගිය පැය 24 තුල වාර්තා වී ඇති බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

කුවේටයේ සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 404,463 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේවනවිට රෝගීන් 393,957 දෙනෙක් සුවය ලබා ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයන් 2,375 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)


RECOMMEND POSTS